කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන්ට හැකි වී තිබේ.
භාර ගැනීමට කිසිවෙකු නොපැමිණි පාර්සල් 20ක් පමණ පරීක්ෂා කර බැලීමට පසුගිය 19 වැනිදා තැපැල්පතිවරයාගේ අනුමැතිය ලැබී තිබුණු අතර ඒ අනුව සිදු කළ පරීක්ෂා කිරීමේ දී පාර්සල් 14ක ‘කුෂ්’ නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272ක් සහ ‘මෙතැම්පටමයින්’ නම් මත්පෙති 2,049ක් සෙයා ගැනීමට හැකි වූ බව සඳහන්.
පසුව මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් හදුනාගෙන සහතික කිරීමෙන් පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
මෙම පාර්සල් ප්‍රංශය, අමෙරිකාව, කැනඩාව, සහ නෙදර්ලන්තය යන රටවල සිට මහනුවර, මීගමුව, ජා ඇළ, වැල්ලවත්ත, නුගේගොඩ, තංගල්ල, මහියංගනය සහ යාපනය යන ප්‍රදේශවල පිහිටි ලිපිනයන් වෙත භාර දීම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබුණු බවයි වාර්තා වන්නේ.