/ Mar 24, 2026

බලශක්ති අර්බුදය හමුවේ ජපානය තෙල් සංචිත මුදාහැරීමේ තීරණයකට!

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ඇති වී ඇති බලශක්ති අර්බුධය හමුවේ ජපානය එරට විශාලතම ජාතික තෙල් සංචිත නිදහස් කරන බව අගමැති සානේ ටකයිචි පවසයි.

සිය X ගිණුමෙහි හි සටහනක් තබමින් ඇය පවසන්නේ රජය සතු සංචිත එනම් තෙල් බැරල් මිලියන 80ක් මුදා හැරීම බ්‍රහස්පතින්දා(26) ආරම්භ කරන බවයි.

මෙම තෙල් බැරල් මිලියන 80ක දින 45ක් සඳහා ප්‍රමාණවත් වන අතර ජපානය, මැදපෙරදිගින් එහි බොරතෙල් වලින් 90% කට වඩා ආනයනය කරන අතර, හොමුස් සමුද්‍ර සන්ධිය වැසීම හේතුවෙන් විශේෂයෙන් අවදානමට ලක්ව තිබේ.

පසුගිය සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හොමුස් සමුද්‍ර සන්ධිය මුදවා ගැනීම වෙනුවෙන් කලාපයට ජපන් සමුද්‍රීය ස්වයං ආරක්ෂක හමුදා යැවීමට කළ ඉල්ලීම්වලට විරුද්ධ වූ ටකයිචි, මැද පෙරදිග සාමය සහ ස්ථාවරත්වය ජපානයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට අතිශයින් වැදගත් බව ප්‍රකාශ කර ඇත.

ජපාන අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, හොමුස් සමුද්‍ර සන්ධිය මුදවා ගැනීම වෙනුවෙන් ටෝකියෝව සම්බන්ධිත රටවල් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් අවශ්‍ය සියලු රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් දිගටම කරගෙන යනු ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top