මහනුවර – නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් අද (26) පස්වරුවේ සිට තාවකාලිකව වසාදමා තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයට ගල් කිහිපයක් කඩාවැටීමේ අවදානමක් පැවතීම නිසා මෙම ආරක්‍ෂිත පියවර ගත් බව කොත්මලේ පොලීසිය පවසයි.
දැනටමත් ගල් කොටස් කිහිපයක් ගැලවී මාර්ගයට ඉහළින් රැඳී ඇති අතර වාර්ෂාවත් සමග එම කොටස් මාර්ගයට වැටීමේ අවදානමක් පවතින බව සඳහන්.
ඒ අනුව නුවරඑළියට පිවිසෙන රථ වාහන ඒ සඳහා විකල්ප මාර්ග භාවිතාකරන ලෙස කොත්මලේ පොලීසිය ජනතාවගෙන ඉල්ලා සිටියි.





