මැලේසියාවේදී එරට පොලිස් අත්අඩංගුවට පත්වූ බවට වාර්තා පළ වූ කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ පද්මේ නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් දෙදෙනා අන්තර්ජාල නාලිකාවක් සමඟ සජීවී ලෙස එක්වී අදහස් පළ කිරීම ආන්දෝලනයක් ඇති කර තිබේ.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග ඔහුගේ අන්තර්ජාල නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කරන්නේ තමන් කිසිසේත්ම අත්අඩංගුවට පත්ව නැති බවයි. තමන් එම මොහොතේ සිටින රට කුමක්දැයි හෙළි කළ නොහැකි බවද ඔවුන් කියා සිටියෝය.