අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාට අයත් රුපියල් මිලියන 50ක වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
මෙලෙස නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කෙහෙල්බද්දර පද්මේ ‘හට අයත් කෝටි 05ක වටිනාකමකින් යුත් පර්චස් 26 ක ඉඩමක් හා ගොඩනැගිල්ලක් බව සඳහන් වෙයි.





