කැළණි ගංගාවේ ජල මට්ටම මේ වන විට පහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ඒ් අනුව කැළණි ගංගා ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්වයන්ද පහව යමින් පවතින බවයි.
කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම 03.00 වන විට අඩි 7.90 ක් දක්වා අඩු වී තිබේ.





