/ Oct 19, 2025

කොළොන්නාවේ සජබ ප්‍රබලයෙක් පක්ෂ සාමාජිකත්වයෙන් දොට්ට දාලා

කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් එලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවය.

අද (18) උදෑසන කොළොන්නාව නගර සභාවට සභාපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ දී සමගි ජන බලවේගයේ වැඩිම මනාප හිමිකරගත් සුසිල් කුමාර ජාතික ජන බලවේගයට සහාය පළ කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාලගේ ද පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් පක්ෂය විසින් මෙම තීරණය ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top