කොටහේන පොලීසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජන කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.
තමන් “මෝදර නිපුන” ලෙස හඳුන්වාගත් අයෙක් කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත මෙලෙස මරණ තර්ජන සිදුකර තිබුණි.
කොටහේන, ගල්පොත්ත හන්දියේ පිහිටි දුරකතන අලෙවිසලක හිමිකරුවකු පසුගිය පෙබරවාරි 21වනදා රාත්‍රීයේ යතුරුපැදියකින් පැමිණ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වෙඩික්කරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව සඟවා තිබූ ගිනිඅවි පෙන්වීම සඳහා පොලීසිය විසින් ඔවුන්ව මට්ටක්කුලිය, කාකදූපත ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට වෙඩික්කරුවන් විසින් ප්‍රහාරයක් එල්ලකිරීමට යෑමේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්විය.
පසුගිය ජනවාරි 22 වෙනිදා අලුයම එම සිදුවීමෙන් සුළු වේලාවකට පසුව කොටහේන පොලිසියේ ස්ථානාධිපති කෝසල ලියානාරච්චිට දේශීය දුරකතන අංකයකින් ඇමතුමක් ලැබී ඇති බව පොලීසිය පැවසීය.
මෝදර නිපුන තමන් බව පවසමින් ඇමතුම ලබාදුන් පුද්ගලයා එහිදී පවසා ඇත්තේ, “ගම්පහ දාපු සෙල්ලම් දාන්න බැහැ, හොඳින්ද නරකින්ද වෙන්න ඕනේ” යනුවෙනි.
අනතුරුව කොටහේන පොලීසිය ඊයේ අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ වෙත අදාළ මරණ තර්ජනය පිළිබඳව සිදුකළ කරුණු දැක්වීමෙන් පසුව සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කර තිබේ.