/ Sep 26, 2026

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් 7කට තුවාල. තිදෙනෙකුට බරපතලයි!

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (26) අලුයම 04.00 ට පමණ රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ මුළුතැන්ගෙයි සේවයේ නිරතව සිටි පිරිසකි.

ඔවුන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූවන් අතරින් තිදෙනෙකුගේ තත්වය බරපතළ බව සඳහන්.

පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට ද දැඩි අලාභහානි සිදුව ඇති ආකාරය දක්නට තිබේ.

එම පිපිරීමෙන් වකුගඩු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට හා එහි සේවයේ නියුතු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අනතුරක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top