ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (16) පස්වරු 4:00 සිට හෙට (17) පස්වරු 4:00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම බලපවත්වෙන අතර දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් (Amber),
බදුල්ල දිස්ත්රික්කය: හපුතලේ, පස්සර
කෑගල්ල දිස්ත්රික්කය: බුලත්කොහුපිටිය, මාවනැල්ල, අරණායක
මාතලේ දිස්ත්රික්කය: රත්තොට
නුවරඑළිය දිස්ත්රික්කය: වලපනේ, මතුරට, හඟුරන්කෙත, නිල්දණ්ඩහින්න
රත්නපුර දිස්ත්රික්කය: ඇලපාත
පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් (Yellow)
කළුතර දිස්ත්රික්කය: බුලත්සිංහල, පාලින්දනුවර
මහනුවර දිස්ත්රික්කය: තුම්පනේ, උඩපළාත, යටිනුවර, හතරලියැද්ද, උඩුනුවර, දෙල්තොට, පන්විල
කෑගල්ල දිස්ත්රික්කය: වරකාපොළ, රුවන්වැල්ල, රඹුක්කන, දෙහිඕවිට, යටියන්තොට, කෑගල්ල
කුරුණෑගල දිස්ත්රික්කය: රිදීගම
මාතලේ දිස්ත්රික්කය: අඹන්ගඟ කෝරළේ, මාතලේ, උකුවෙල
රත්නපුර දිස්ත්රික්කය: කළවාන, ඉඹුල්පේ, කුරුවිට, කොලොන්න, ආයගම, රත්නපුර, බැලංගොඩ, ඇහැලියගොඩ, නිවිතිගල, වැලිගෙපොළ
අදාළ ප්රදේශවල පදිංචි ජනතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.
මේ අතර මධ්යම කඳුකර ප්රදේශය ආශ්රිතව මේ වන විට පවතින අධික වර්ෂාව හමුවේ කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දක කොටසක් අද සොදාගෙන ගොස් ඇත.
මේ හේතුවෙන් දුම්රිය මාර්ගයද අවහිර වී ඇති අතර දුම්රිය සේවකයින් විසින් එම අවහිරතාව සිදුව ඇති ස්ථානය වෙත ගොස් පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව සඳහන්.
දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් පසු උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කඳු සොදාගෙන දුම්රිය මාර්ගයට පැමිණි තෙවන අවස්ථාවද මෙය බව වාර්තා වෙයි.





