එළැඹෙන මස 6 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව ඉතාම අඩු මට්ටමක ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණවලදී ප්‍රකාශ වෙන ඡන්ද ප්‍රතිශතය 50%-60% බව කියා සිටින ඔහු මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු අඩු වශයෙන් සිදුවීම, විශාල පිරිස් අපේක්ෂකයා සමඟ ගෙන්ගෙට නොයාම වැනි කරුණුද මෙම උද්‍යෝගය හීනවීමට බලපා ඇති බව කියා සිටී.
මැතිවරණය ආසන්නවත්දී උද්‍යෝගය මෙයට වඩා වැඩි වනු ඇති බවද ඔහු සඳහන් කළේ ය.