/ Apr 20, 2025

සජබ ආධාරකරුවන් 33ක් අත්අඩංගුවට – හේතුව මෙන්න

අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටි 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසකි.

රථවාහන පෙළපාලිය යෑම සඳහා අපේක්ෂකයන්ගේ රුව මෙන්ම විවිධ කොඩි ඇතුළු සැරසිලි යොදාගෙන සූදානම්කර තිබූ වාහන 08ක්ද පොලිසිය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මහනුවර මූලස්ථාන පොලිසිය ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top