9:23:41 PM / Jul 27, 2025
9:23:41 PM / Jul 27, 2025

සැප වාහන කුලියට අරන් විකුණලා: ජාවාරමා දැලේ

රුපියල් ලක්ෂයකට ආසන්න මුදලකට සුඛෝපභෝගී SUV රථ කුලියට ‌ගෙන මිලියන 500 ක මුදලකට ඒවා වෙනත් පුද්ගලයින්ට විකුණූ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා කුලී මෝටර් රථ සේවා ස්ථාන වෙත පැමිණ ව්‍යාජ සමාගමක ලිපි ලේඛන සපයමින් සුඛෝපභෝගී වාහන කුලියට ගෙන එම වාහන දැනට පවතින වෙළෙඳපොළ මිලට වඩා අඩු මුදලකට අලෙවි කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අතුරුගිරිය – ගල්වරුසාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු එම ප්‍රදේශයේ නිවසක සුඛෝපභෝගී වාහන නවතා ඇති අතර එලෙස ඔහු සතුව තිබී වාහන 30ක් පමණ පොලිස් භරයට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *