/ Jan 24, 2026

මහේෂිට ගොදුරුවූවන්ගේ තොරතුරු කැඳවයි!

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න විසින් EVD  සහ VP shunt උපකරණ තමන් සම්බන්ධ ආයතනයකින් අතිවිශාල මුදලකට රෝගීන්ට අලෙවි කර රුපියල් කෝටි ගණනක අලාභ සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට විමර්ශන පවත්වමින් සිටී.

ඇය විසින් එලෙස ශල්‍යකර්ම සිදු කළ 300ක පමණ පිරිසක් සිටින බැව් කියැවෙන අතර ඉන් ප්‍රකාශ ලබාගෙන ඇත්තේ 77 දෙනෙකුගෙන් පමණකි.

විශේෂඥ වෛද්‍ය මහේෂී එස්. විජේරත්නගෙන් ශල්‍යකර්මවලදී එලෙස අගතියට පත් තවත් රෝගීන් වෙත් නම් අදාළ තොරතුරු ලබා දෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටී.

ක්ෂණික ඇමතුම් – 1954
විද්‍යුත් ලිපිනය – ciaboc_gen@ciaboc.gov.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top