ඉඹුල්ගොඩ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට ලබා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් ප්‍රමාණයක් බව නි. ඇමති මහින්ද ජයසිංහ අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු ජනතාව ඒ පිළිබඳ දිගින් දිගටම පැමිණිලි කළ බවත් මෙම ඉඩමේ නිධානයක් ඇත යන විශ්වාසය මත එය අත්පත් කරගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් අදාළ ඉඩමේ මුල් හිමිකරුවන් සෙවීමට විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.