/ May 31, 2025

මර්වින්ට සහ ප්‍රසන්නට ඇප නෑ!

හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

එම නඩුව අද (26) යළිත් මහර මහෙස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය ඉදිරියේදී අධිකරණයේදී කැඳවනු ලැබූ අතර එහි දී සියලු කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ අදාළ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු සෙසු සැකකරුවන් සිව් දෙනා එළැඹෙන ජුනි මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙහිදී ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම ද මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top