හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකු සඳහා විදේශ ගමන් තහනමක් පනවා තිබේ.
අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම එම තහනම පනවා ඇති බව සඳහන්.
2010 වසරේ දී රජයට අයිති කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකසා අලෙවි කිරීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගැනුණි.
එම ඉඩම විකිණීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව පසුගිය 07 වැනිදා සිට විමර්ශන ක්‍රියාත්මක කළ ද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වූයේ නැහැ.
එවන් පසුබිමකයි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා ඇත්තේ.