/ Apr 09, 2026

ඇමැති බිමල්ගෙන් නි.කතානායක ඇතුළු කාර්යමණ්ඩලයට දැඩි චෝදනාවක්: හර්ෂත් සහය දෙයි!

සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් අද (09) පාර්ලිමේන්තුවේදී නි.කතානායක රිස්වි සාලි සහ ලේකම් මණ්ඩලය වෙත චෝදනා කරමින් කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියන් වෙත විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් පවසන අසභ්‍ය සහ පරුෂ ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

එහිදී සභානායකවරයා කියා සිටියේ, එවැනි වැරදි සහගත ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන් වෙත පියවර ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ අවස්ථාව සලසා ඇති වුවත් කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැති බවයි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියන් කණ්ඩායමක් විසින් මෙම අකටයුත්ත සම්බන්ධයෙන් කතානායකවරයා වෙත ලිපියක් භාර දුන්නද ඒ ගැන මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි කියා අවධාරණය කරනු ලැබුවේ.

කෙසේ වෙතත් මෙහිදී සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී හර්ෂද සිල්වාත් බිමල් අමාත්‍යවරයාට සහය පළ කරමින් අදහස් ප්‍රකාශ කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top