/ Oct 20, 2026

නව ත්‍රස්ත විරෝධී පනතට එල්ල වෙන චෝදනා ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්!

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ මතුව තිබෙන විවේචනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අද (20) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අවධානය යොමුව තිබුණි.

ඒ අනුව විවිධ පාර්ශව විසින් ඊට එල්ල කරන චෝදනා හා ඒවායේ හරය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.

මෙහිදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය මුහුණු පොත තුළ මෙම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද දක්වා ඇති අදහස් සම්බන්ධවද අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ යම් අයෙකුට පනත් කෙටුම්පත සම්බන්ධව ගැටලු ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට හැකි බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පත සම්බන්ධව තීරණයක් ගනු ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

“සාලිය පීරිස් මැතිතුමාම තේරුම් ගන්න ඕනේ එක්කෝ එතුමත් එක්ක ක්ෂේත්‍රයේ වැඩ කරන අය, එතුමා උගන්වපු අය ඇතුළත්ව තමයි මේ පනත් කෙටුම්පත සකස් කරන්නේ. ඒක නිසා ඔය පච්චයක් කොටපු කෙනෙක්, කොණ්ඩයක් වවපු කෙනෙක් ඇතුළට ගනී කියන එක වගේ දෙයක් ඔය පනතට දාන්නේ නෑ කියන එක එතුමා තේරුම් ගන්න ඕනේ. අනිත් එක එහෙම තිබෙනවා නම් ඕනම කෙනෙකුට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේක අභියෝගයට ලක් කරන්න. ඒක තමයි හොඳම දේ. ඒ නිසා ඔය ගැන මාධ්‍යයේ කියනවාට වඩා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අභියෝගයට ලක් කරන්න එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි එවැනි වගන්තිවලට මොකද කරන්න ඕනේ කියන එක. පනත සම්පූර්ණයෙන්ම සමස්තයක් හැටියට ගන්න එහෙම නැත්නම් ඔයවගේ කරුණක් දෙකක් අරගෙන එහෙම කරන්න අයිතියක් නෑ. මොකද අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරපු ආණ්ඩුයක් අපි. PTA එක අහෝසි කරලා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් වැළැක්වීමේ පනත් කෙටුම්පත ගේන්නෙම මානව හිමිකම් ද ආරක්ෂා කරමින් රාජ්‍ය ත්‍රස්දවාදයෙන් ආරක්ෂා කිරීමේ නීතිමය රාමුව හදන්න. “

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top