මුදල් අමාත්‍යාංශය නමින් ලියාපදිංචි කර ඇති වාහන 257න් වාහන 176ක් අතුරුදන් වී ඇති බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති විගණන වාර්තාවකින් දක්වා ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා ලද තොරතුරුවලට අනුව මෙම වාර්තාව සකස් කර ඇති අතර මේ අතරින්, වාහන 99ක් පිළිබඳ භෞතික පැවැත්ම ඇතුළු තොරතුරු කිසිවක් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබූ බවයි සඳහන් වන්නේ.
මුදල් අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති සියලු වාහන පිළිබඳ භෞතික පැවැත්ම හා අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇති අතර මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත්තේ, මෙම වාහන 176 සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට කටයුතු කරමින් පවතින බවයි.