/ Mar 22, 2025

කෙහෙළියලාගේ වත්කම්වල මුල්පිටපත් භාරදීමට නියෝගයක්

අල්ලස් කොමිසම විසින් භාරයට ගෙන තිබෙන හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාළ මුල් ලේඛනවල සහතික පිටපත් ඔවුන් වෙත ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු යනාදිය තහනමට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබුණි.

මීට අදාළව අද (24) දින කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණ හමුවේ ඉල්ලීමක් කරමින් අධිකරණ නියෝග මත තහනමට ගෙන තිබෙන සිය සේවා දායකයින්ට අයත් දේපල වලට අදාළ මුල් ලේඛනවල සහතික පිටපත් තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top