/ Sep 28, 2026

කළු සල්ලි සුදු කිරීම: යෝෂිතගේ සහ ඩේසි ආච්චිගේ නඩු විභාගයට දින දෙයි!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවක් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුකරය අද (28) කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටි අතර දෙවන විත්තිකාරිය පන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුකරය නොවැම්බර් මස 3 වනදා කැඳවන ලෙස නියම කර තිබේ.

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොණු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top