නේපාලයේ ඇති වූ දැවැන්ත ගංවතුරෙන් සහ මඩ නායයාමකින් මේ වන විට පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මිය ගොස් ට්රා අතර තවත් 400කට වැඩි පිරිසක් අතුරුදහන්දහන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අතුරුදහන් වී සිටින පිරිස අතරින් වැඩි දෙනෙක් විදෙස් සංචාරකයින් වන අතර නේපාල වැසියන් 100ක් පමණ වන බව දැක්වෙයි.
මේ වන විටත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර ආපදා කලාපවලට ළගා වීම ඉතාම දුෂ්කර වී තිබෙන බවයි නේපාල වාර්තා පෙන්වා දෙන්නේ.
වාර්තා වී ඇති පරිදි ඉන්දියාවෙන් 100 කට වැඩි පිරිසක්, ඇමරිකා එක්සත් ජනපදයෙන් 54 ක්, ඕස්ට්‍රේලියාවෙන් 34 ක් සහ එක්සත් රාජධානියෙන් 33 ක් මෙන්ම නේපාලයෙන් 100 කට වැඩි පිරිසක් ඇතුළුව සංචාරකයින් සිය ගණනක් අතුරුදහන් වී ඇත. මෙම ප්‍රදේශය වන්දනාකරුවන් සහ කඳු නගින්නන් අතර ජනප්‍රිය කලාපයකි.
ආපදා කලාපය අසල ගඟක සුන්බුන් දෙවන ගංවතුර සිදුවීමක් ඇති කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.
නේපාල හමුදාව ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල ගොඩබිම් සහ ගුවන් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා හමුදා නිලධාරීන් 2,000 ක් යොදවා ඇත.
මේ වන විට හමුදාව ගංවතුරෙන් සිරවී සිටින පුද්ගලයින් 97 දෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු ත්‍රිෂූලි ජල විදුලි ව්‍යාපෘතියේ උමග තුළ සිරවී සිටින කම්කරුවන් බව සඳහන්.
රසුවා සහ නුවාකොට් දිස්ත්‍රික්ක ඇතුළු දරුණුතම ප්‍රදේශවල භට පිරිස් සංකේන්ද්‍රණය වී ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් රාජරාම් බාස්නෙට් බීබීසීයට පැවසීය.
මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් 500,000 ක ආධාර පොරොන්දු වී ඇති අතර එය ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා හදිසි නවාතැන්, ජලය, සනීපාරක්ෂාව සහ අනෙකුත් සහන අයිතම ආවරණය කිරීම සඳහා භාවිතා කරනු ඇත.
“නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුරෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට සහ ආදරණීයයන්ට එක්සත් ජනපදය සිය ගැඹුරු ශෝකය පළ කරයි,” යනුවෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
නේපාලයේ සහ චීනයේ “බොහෝ ජීවිත බිලිගත්, අතුරුදහන් වූ සහ පුළුල් විනාශයක් ඇති කළ” “දරුණු ගංවතුර ගැන තමා කණගාටු වන” බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.
ඔහු විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන අතර තුවාල ලැබූවන්ටඉක්මන් සුවය ප්‍රර්ථනා කර ඇත.
“බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ මගේ සහයෝගීතාවය” ඔහු පවසයි. එක්සත් ජාතීන්ගේ කණ්ඩායම් සහ හවුල්කරුවන් රජය මෙහෙයවන ප්‍රතිචාරයට සහාය වීම සඳහා නේපාලයේ සැපයුම් සහ පිරිස් බලමුලු ගන්වමින් සිටින බවද ඔහු පැවසීය.
නේපාලයේ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ රසුවා ප්‍රදේශයට මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිවිය.
දේශසීමාව ආසන්නයෙන් ගලායන බෝත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලාඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබෙන අතර ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් මෙලෙස හදිසි හිම දියවී යාමට හේතු වී ඇති බවට විශ්වාස කරයි.
නේපාලයට බලපෑ ගංවතුර සහ නායයෑම් තත්ත්යෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුවි ඇති බවට වාර්තා නොවන බව ද කත්මන්ඩුහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.






