/ Jul 13, 2025

හම්බන්තොට සත්වාහාර ගබඩාවකින් කෝටි ගණනක යතුරුපැදි මතුවෙයි

හම්බන්තොට නාගරවැව, කුරුළු උයන පරිශ්‍රයේ කුරුළු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය තහනම් වන යතුරුපැදි 21 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මේවා රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුක්ත බව වාර්තා වේ.

එම යතුරුපැදි සමඟ එම ගොවිපොළේ කළමනාකාරු සහ ගබඩා පාලකවරයා මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පරිශ්‍රයේ වගා කර තිබු ගංජා පැළ හතරක්ද සොයා ගෙන ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top