/ Apr 24, 2026

වෘෂභ ගමනින් මාරාන්තික වැඩ දැමූ යතුරුපැදිකරු දැලේ

අතිශය භයානක අයුරින්, වාහන ඉදිරියට වැරදි පසින් මාරාන්තික අන්දමට යතුරුපැදියක් පැදවූ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා තවකෙකු සමඟ මෙලෙස සිය යතුරුපැදිය පදවන අයුරු දැක්වෙන වීඩියෝපටයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණි. කිසිදු මාර්ග නීතියක් හෝ තම ජීවිතය පමණක් නොව අනෙක් වාහන පදවන්නන්ගේ ජීවිතද තුට්ටුවකට මායිම් නොකර මෙලෙස යතුරුපැදිය පැදවීමට බොහෝ දෙනා විවේචන එල්ල කර තිබු අතර ඔවුන්ගේ පැදි අංකයද බොහෝ දෙනා පළ කර තිබුණි.

කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව – නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අපරික්ෂාකාරී ලෙස හා අන්තරාදායක ලෙස යතුරුපැදිය ධාවනය කර මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට හා යතුරුපැදිකරුවන්ට අනතුරක් සිදුකර සාවද්‍ය මනුෂ්‍ය ඝාතයට තැත් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (09) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර විමර්ශන නවගත්තේගම පොලිසිය විසින් සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top