තමන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට හැඟවෙන ලෙස සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කිරීම පිළිබඳව පියවර ගන්නැයි ඉල්ලා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර විසින් මීරිගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
කිසිම මත්ද්‍රව්‍ය භාවිතයකට සම්බන්ධ නැති දරුවන් පොලිසියට ගෙන ගිය විට දෙමව්පියන් තමන්ට කතා කරන බවත් ඒ පිළිබඳව පොලිසියට කතා කර තොරතුරු විමසීම තමන්ගේ සාමාන්‍ය ක්‍රමයක් බවත් එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු කියා සිටියේය.
ඒ අතර මීරිගම ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බවට වන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තොරතුරු ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට දැනුම් දුන්නේ ය.





