/ Mar 27, 2026

ජාතික නාමල් උයන ජාතික උරුමයක් ලෙස නම් කෙරේ!

මෙරට විශාලතම නා වනය සහ දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳුවැටිය සහිත ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (26) එය සිදු කෙරුණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර 602ක් පුරා විහිදුනු ජාතික නාමල් උයන ජාතික, ආගමික, පාරිසරික සහ භූගෝලීය වටිනාකම් රැසක් එක්වී ඇති අද්විතීය ස්ථානයකි.

ජාතික නාමල් උයන හඳුන්වා දී වසර 35ක් සැපිරෙන අවස්ථාවේ එම වටිනා පරිසර පද්ධතිය ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීමද සුවිශේෂී කාරණයකි.

මෙම සුවිශේෂී පාරිසරික උරුමය සුරක්ෂිත කරමින්, අනාගත පරපුර වෙනුවෙන් උරුම කර දීමට සියලුදෙනා වෙත පැවරී ඇති ජාතික වගකීම මෙහිදී සිහිපත් කරමින් එදා මෙදා තුර නාමල් උයන ආරක්ෂා කර ගනිමින් එය සංවර්ධනය කිරීමට ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ගන්නා වෙහෙස කෘතවේදීව අගයමින්, එම කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට උන්වහන්සේට නිදුක්, නිරෝගී සුවය සහ චිර ජීවනය ජනාධිපතිවරයා විසින් ප්‍රාර්ථනා කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top