/ Jul 08, 2025

නව අවුරුදු කාලේ – සැලැකිලිමත් වෙමු රාළේ!

හදිසි අනතුරු හේතුවෙන් රජයේ රෝහල් වෙත නේවාසිකව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ අලුත් අවුරුදු සමයේ බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසයි.

සෑම වසරකම අප්‍රේල් 8-16 අතර කාලය තුළ රජයේ රෝහල්වල හදිසි අනතුරු හේතුවෙන් ඇතුළත්වීම් සිදුවන බවත් අනතුරු සඳහා සාමාන්‍ය ඇතුළත්වීම් ඒ අනුව වැඩි වන බවත් ඔහු පෙන්වා දෙයි.

මාර්ග අනතුරු, සර්ප දෂ්ටනය, විෂ ශරීරගතවීම සහ හිංසනයන්ද හේතු විය හැකි බව ඔහු කියා සිටී. 

නව අවුරුදු සමයේ මෙම තත්වයන් ගැන සැලකිලිමත් වන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top