/ Nov 16, 2025

“අබමල් රේණුවක බලපෑමක් මේ රජයෙන් අපට නෑ” : ශ්‍රී ලංකා පොලීසිය

සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරිත්වය, ඒවා මෙහෙයවන බලවේග , වර්තමානයේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාමාර්ග ආදී කරුණු සම්බන්ධයෙන් ටෘත් විත් චමුදිත යූටියුබ් නාලිකාවේ ඊයේ (12) විකාශය කෙරුණු වැඩසටහනකදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.

මේ සඳහා සහභාගි වූයේ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල, සහකාර පොලිස් අධිකාරි ජානක කුමාර යන නිලධාරීන් තිදෙනාය.

එහිදී චමුදිත සමරවික්‍රම ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සහකාර පොලිස් අධිකාරී රෝහාන් ඕලුගල පවසා සිටියේ වර්තමාන රජය අබමල් රොනක තරමේ බලපෑමක් පොලිසියට කරන්නේ නැති බවයි.

වැඩිදුරටත් අදහසක් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මෙසේද කියා සිටියේ ය.

“මේවගෙ පිටිපස්සෙ, මම කියන්න කැමති නෑ මොන දේශපාලනඥයොද කවුද කියන එක. මම පැහැදිලිව කියනවා හැබැයි වර්තමානයේ අපිට කිසිදු විදිහට බලපෑමක් නෑ.

පොලිස්පතිතුමාගෙන් බලපෑම තියන්නෙ අපරාධ අල්ලන්න, ආනන්ද විජේපාල ඇමැතිතුමා කියන්නෙත් මේ අපරාධ රැල්ල වහාම නවත්තන්න කියලා.”

වර්තමානයේ අපට ඉතාම හොඳ ප්ලැට්ෆෝම් එකක් බිහි වෙලා තියනවා ස්වාධීනව වැඩ කරන්න. අඩුම තරමෙ දැන් රජයෙන් ට්‍රාන්සර් එකකටවත් බලපෑමක් නෑ.

එම සාකච්ඡාවේ සබැඳිය පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top