/ May 22, 2025

ඉඩම් හබය විසදන්න අල්ලස් ඉල්ලූ OICට වැඩ වරදී

වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඉඩම් ආරවුලක් සමතයට පත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මතයි.

සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

පැමිණිලිකරු විසින් මිලදී ගෙන ඇති ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසඳා සමතයකට පත්කර දීම වෙනුවෙන් හා පැමිණිලිකරුගේ ඉඩම් කටයුතු කරදරයකින් තොරව කර ගෙන යෑමට අවශ්‍ය කටයුතු කරවාදීම වෙනුවෙන් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා මෙම මුදල අල්ලසක් ලෙස ඉල්ලා තිබුණි.

පසුව අදාළ රු ලක්ෂ 5ක මුදල අයැද භාරගැනීමේ චෝදනාව මත පොලිස් ස්ථානාධිපතිවරයාව ඊයේ (21) සවස 5.25ට පමණ පුවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිල රාජකාරි කාර්යාලයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (22) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top