අද (01) දිනයට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විටත් ඇනවුම්කරුවන් විසින් ඇනවුම් කර ඇති බැවින් ඉන්ධන හිඟයක් ඇති වේ යැයි පාරිභෝගිකයින් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා පවසයි.
ඉන්ධන පිරවුම්හල් විසින් ඉන්ධන ඇනවුම් නතර නොකරන බව මෙතෙක් සංස්ථාව වෙත දැනුම්දී නොමැති බවයි ඔහු සඳහන් කර සිටියේ.
එම නිසා ජනතාවට අනවශ්‍ය ලෙස කළබල නොවන ලෙසත් ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවත් සභාපතිවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙතෙක් ලබා දුන් සියයට 3ක වට්ටම් මුදල ඉවත් කිරීමට ගත් තීරණය හේතුවෙන් ඉන්ධන ඇනවුම් කිරීමෙන් වළකින බවයි.
මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල දිගු පෝළිම්ද දක්නට ලැබිණි.