ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනාව ඊයේ (28) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.
අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබාදී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම යටතේ සැකපිට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි උදාර නිර්මාල් ගුණරත්න සහ 31 හැවිරිදි යටතේ නලින් දුෂ්‍යන්ත නැමැති සැකකරුවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සංජීව ඝාතන සිද්ධියට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 12කි.