/ May 21, 2025

දුක, කඳුළ, වේදනාව වෙනුවට සතුට, සම්පත රජයන වසරකට පෙළගැසෙන්න : විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය

Opposition Leader's New Year message

අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටින්නේ, දුක කඳුළ වේදනාව වෙනුවට සතුට සම්පත රජ කරවන නව වසරක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙසයි.

මේ අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට තිබෙන අතර ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගෙන රටත් ජනතාවත් ප්‍රගතිය වෙත රැගෙන යාම අප සියලුදෙනා සතු සාමූහික වගකීමක් බව විපක්ෂ නායකවරයා එහි තවදුරටත් සඳහන් කරයි.

එවැනි අවස්ථාවල පටු මතවාදවල එල්ලී සිටීම නොකළ යුතු බව සිය අලුත් අවුරුදු පණිවිඩය මගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top