/ Dec 17, 2025

නිවාස 5000 ඉක්මවා සම්පූර්ණයෙන් විනාශයි – ආපදාවේ අලුත්ම තත්ත්වය මෙන්න!

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 5325ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවත් නිවාස 81,163කට අර්ධ හානි සිදුව තිබෙන අතර පූර්ණ නිවාස හානි වැඩිවශයෙන් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 1815ක් ලෙස දැක්වෙයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 767ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවස 476ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

පූර්ණ නිවාස හානි නිවාස 404ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. පුත්තලම දිස්ත්‍රික්කයේ එම ගණන 415ක් ලෙස දැක්වෙයි.

කෑගල්ල, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පිළිවෙලින් 300,227,225,111සහ 195ක් ලෙස එම හානිය දක්වා තිබේ.

මෙම දේපල හානි වෙනුවෙන් රජය වන්දි ලබා දීම සිදුකරන අතර නව නිවසක් ඉදිකිරිම වෙනුවෙන් රු.ලක්ෂ 50ක් ලබා දෙන අතර එම ඉදිකිරීම් වෙනුවෙන් රජයේ තෝරාගන්නා ලද ඉඩම් යොදා ගැනීමට නියමිතයි. සුදුසු ඉඩමක් නොමැති අවස්ථාවක ඉඩම මිලදී ගැනීම වෙනුවෙන්ද රු. ලක්ෂ 50ක දීමනාවක් වෙන්කර ඇත.

ආපදා හේතුවෙන් මිය ගිය ගණන 635ක් ලෙස වාර්තා වෙයි.

මේ අතර තවත් 192ක් අතුරුදහන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top