ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩ වැටීමෙන් සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් හත්දෙනෙක් මිය ගොස් තවත් 11ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එලෙස අනතුරට ලක්වී ඇත්තේ United Parcel Service මෙහෙයවනු ලබන McDonnell Douglas MD11F නැමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.
ගුවන් යානය කඩ වැටී ගිනිගන්නා අවස්ථාව වන විට එහි ඉන්ධන ගැලුම් 38,000 ක් පමණ රැගෙන ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.
හවායි බලා යාමටයි එම ගුවන් යානය පිටත් වී ඇත අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවද එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ප්‍රකාශ කර තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලුයිස්විල් නගරාධිපතිවරයා තහවුරු කර ඇත්තේ ගුවන් අනතුරට හසුව ඇති ආදරණීයයන් සොයා පවුල්වල සාමාජිකයින් රෝහල කරා හදිසියේ නොපැමිණෙන ලෙසත් පවුල් ආපදා ආධාර පනත යටතේ විපතට පත් වූවන්ගේ පවුල්වලට ගුවන් සේවයෙන් සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයෙන් සම්බන්ධීකරණ සහාය ලැබෙන බවත්ය. .





