/ Mar 12, 2025

අගමැතිනි කියන්නේ වැරදි තොරතුරු : ස්ටාලින් කියයි

JOSEPH STARLING

ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීමට අදාළ සුබෝධනී කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් අවධානය යොමුකර නැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං චෝදනා කරයි.

මෙවර අයවැයෙන් ගුරු, විදුහල්පති ඇතුළු රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුව සිටි බවත්,ගුරු වැටුප් විෂමතාව ඉවත්කර ගැනීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරු විශාල අරගලයක් සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ වැටුප් විෂමතාවයෙන් 1/3 ක් ලබාදීමට 2022 වසරේදී කටයුතු කළද එය ලබා දුන්නේද සුබෝධනී කමිටු වාර්තාවට අනුව බවත්,ඉතිරි 2/3 ක ලබා ගැනීම සඳහා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ඉකුත් වසරේදී දැවැන්ත අරගලයක් සිදුකළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

මෙවර අයවැය තුළ සුබෝධනී කමිටු වාර්තාව සම්බන්ධව කිසිදු සඳහනක් නොමැති බවත්,එය බරපතළ ප්‍රශ්නයක් බවත්,වැටුප් ව්‍යුහ අනුව විදුහල්පති සේවාව හත්වැනි ස්ථානයේද,ගුරු සේවාව අටවැනි ස්ථානයේද පවතින බව අගමැතිවරිය ප්‍රකාශ කළද එය වැරැදි තොරතුරක් බවත්,වැටුප් ව්‍යුහය අනුව ගුරු සේවාව පවතින්නේ 12 වැනි ස්ථානයේ බවද ඔහු කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top