/ Mar 22, 2025

සංජීවට ගිනි බින්දේ අල්ලපු කෙනාමද? පරීක්ෂණයක්!

GANEMULLA SANJEEWA MURDERE

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සැකකරුමදැයි සෙවීම සඳහා ඝාතනය සිදු වූ දිනයේ අධිකරණයේ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරුගේ මුහුණ හඳුනා ගැනීමේ විශේෂ පරික්ෂණයක් සිදුකර විශේෂඥ නිර්දේශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග පවසයි.

එයට අමතරව සැකකරුගේ ඇඟිලි සලකුණු සහ ඩී.එන්.ඒ. පරික්ෂණයක් ඇතුළු පොලිසියෙන් පරිබාහිරව විශේෂඥයන්ගේ සාක්ෂිද ලබා ගැනීම සිදු කරන බවද ඔහු අවධාරණය කළේය.

සැකකරු සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශන අනුව සැකකරු හඳුනාගත හැකි ප්‍රමාණවත් සාක්ෂි මේ වන විට ගළපාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top