ගොඩකවෙල ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටියදී රක්වාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉමදූව ප්‍රාදේශීය සභාවට තරඟ වදින තවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයෙක් අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අක්මීමන ප්‍රාදේශීය සභාවේ ආදායම් නිලධාරියා ලෙස කටයුතු කරන අතර වෙළඳ බලපත්‍රයක් ලබා දීමට රුපියල් 25000ක අල්ලසක් ඉල්ලා එය ලබාගන්නා විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.