/ May 25, 2026

පොලීසියේ හොරු ගැන පොලිසියෙන්ම සොයයි

පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් සිදුකරන අනීතික හා විෂමාචාරි ක්‍රියාවන් ගැන පැමිණිලි කිරීම සඳහා වෙනම ඒකක ස්ථාපිත කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

අල්ලස් ඉල්ලීම්, ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගැනීම්, මුදල් ලබාගෙන අනීතික ලෙස කටයුතු කිරීම්, සාමාන්‍ය ජනතාවගේ පැමිණිලි භාර නොගැනීම, මෙන්ම භාරගෙන ඇති පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම් ඇතුළු වැරදි සම්බන්ධයෙන් මෙම ඒකක වෙත ඍජුවම පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ඒකක ස්ථාපිත කෙරෙන්නේ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මෙන් විශේෂ ඒකක ලෙස යැයි මෙම සාකච්ඡාවට එක්ව සිට ඇති පොලිස් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් සඳහන් කර තිබෙන බවත් ඉහත ආරංචි මාර්ග මඟින් හෙළි විය.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව විසින් පොලිස් ප්‍රධානීන්ට ස්ථානාධිපතිවරුන්ට අවස්ථා රැසකදී ස්ථාන මාරුවීම්ද මේවන විට ලබා දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top