පසුගිය පෙබරවාරි 21 වැනිදා උස්වැටකෙයියාව පමුණුගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 29 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධයට සහය දුන් බවට සැකපිට සැකකරු ඊයේ (26) අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ICE ග්‍රෑම් 12ක් සහ විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සොයාගෙන ඇත.