පොලිස් ස්ථාන සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බැවින් යම් ප්‍රමාණයක් වසා දැමීමට සිතෙන බවට විෂයභාර අමාත්‍ය ආනන්ද විජයපාල කළ ප්‍රකාශය පොලිසියේ අභ්‍යන්තරයේ දැඩි කතාබහකට ලක් වී ඇතැයි වාර්තා වේ.
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් නිරන්තරයෙන් වාර්තා වන පසුබිමක, ප්‍රසිද්ධ රැස්වීමකදී මෙම ප්‍රකාශය කිරීම ගැන මෙම කතාබහ ඇතිව තිබේ.
දැන් පොලිසි ප්‍රමාණය වැඩිවෙලා තියනවා. යම් ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා යනුවෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පවසා තිබුණි.






