/ Mar 12, 2025

මේ වසරේ පොලීසියට සුබයි- වැටුප් වැඩිකෙරෙන හැටි මෙන්න!

police - here's how the salary will be increased!

ලබන වසරේ අයවැයෙන් පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.

කෙසේ වෙතත් මේ වසරේ පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

වත්මන් වැටුප් වැඩිවීම පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මූලික වැටුප වන රු. 29,540 මුදල රු.44,293ක් දක්වා වැඩි කෙරෙන බවද අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

ඒ අනුව පොලිස් බළකායේ විවිධ නිලයන් සඳහා සිදු කෙරෙන වැටුප් වර්ධකයන් පහත පරිදි වේ.

පොලිස් කොස්තාපල්: රු. 6,182 කින් වැඩි විය
පොලිස් සැරයන්: රු. 6,441.54 කින් වැඩි විය
උප පොලිස් පරීක්ෂක (SI): රු. 6,551.72 කින් වැඩි විය
පරීක්ෂක (IP): රු. 7,040.24 කින් වැඩි විය
ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI): රු. 7,655.74 කින් වැඩි විය
සහකාර පොලිස් අධිකාරී (ASP): රු. 8,244.11 වැඩිවීමකි
පොලිස් අධිකාරී (SP) සහ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP): රු. 9,925 කින් වැඩි විය
නියෝජ්‍ය පොලිස්පති (ඩීඅයිජී) සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති: රු. 11,118 කින් වැඩි විය
පොලිස්පති (IGP): රු. 13,223 වැඩිවීම

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top