/ Mar 14, 2025

සූර්පිට සිසුවියන්ට හදි කරන්න ගිය පොලිස් නිලධාරියාට ගුටි!

මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පාසලකට බීමත්ව සිවිල් ඇඳුමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් පාසල් සිසුවියන්ව වැසිකිළියක් තුළ දී අපයෝජනයට ලක්කිරීමට තැත්කිරීමේ සිදුවීමක් වාර්තා වේ.

අදාළ පොලිස් නිලධාරියා මල්ලාවි පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙක් වන අතර පාසල් ක්‍රීඩා තරග සඳහා පාසල් වේලාවෙන් පසුව රැඳී සිටි පාසල් සිසුවියන්ව මෙලෙස අපයෝජනයට ලක්කිරීමට තැත් කර ඇති අතර, එහි වූ පිරිස පොලිස් නිලධාරියාට පහරදෙන අයුරු ජංගම දුරකථනයක ද සටහන්ව තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මල්ලාවිය පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර, පොලිස් නිලධාරියාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top