තැපැල් ගාස්තු හෙට (09) දා සිට ඉහළ නැංවීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
තැපැල්පතිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මගින් මේ බව දැනුම් දී තිබේ. ඒ අනුව අවම තැපැල් ගාස්තුව රු. 70 දක්වා ඉහළ දැමෙන අතර අනෙකුත් සියලුම ගාස්තු පාහේ ඉහළ දැමීමක් සිදු කර තිබේ. ලියාපදිංචි ලිපි ගාස්තුවද රුපියල් 20කින් ඉහළ දමා ඇත.





