/ Aug 27, 2026

නේපාලයට ශෝකය පළකරමින් මුදාගැනීම් මෙහෙයුම් සඳහා සහය වීමට සූදානම් බව ජනපති කියයි!

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදුවු ඛේදජනක ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

X පණිවුඩයක් නිකුත් කරමින් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය පලකරමින් ජනාධිපතිවරයා ගලවා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහායවීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

මාස 10කට පෙර සුළි කුණාටුවකින් තවමත් ගොඩඑන ජාතියක් ලෙස අප නේපාල ජනතාව සමඟ ශෝකය බෙදාගැනිමට සූදානම් බව සිය X ගිණුම මඟින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top