/ Dec 17, 2025

ආපදා තත්ත්වයෙන් පසු ජනපති අද නුවරඑළියට යයි!

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ගවලට සිදුව තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් සමඟ අද (08) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

ඒ අනුව හානි වූ සියලුම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට ගතවන කාලය පිළිබඳව එහිදී සාකච්ජාවට ගෙන තිබේ.

සාමාන්‍ය ප්‍රතිංස්කරණවලින් විවෘත කිරීමට නොහැකිව තිබෙන මාර්ග සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙස එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් මාර්ග සහ පාලම් ඉදිකිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා සැලකිල්ලට ගත යුතු බව නිලධාරීන් පෙන්වා දී ඇති අතර හානියට පත් මාර්ග සහ බෝක්කු, පැති බැමි ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත්, මේ වසර අවසන් වීමට පෙර සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට පියවර ගන්නා ලෙසටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top