/ Mar 09, 2026

ඉරානයට එල්ල කරන ලද ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලට එරෙහිව මෙක්සිකෝ නගරයේ විරෝධතා!

ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ලද ප්‍රහාර වලට විරෝධය පළකරමින් මොක්සිකෝ නගරයේ ඇමරිකානු කොන්සල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සිදුකර තිබේ.

ඉරානයට සහය පළකරමින් එම ධජ රැගෙන විරෝධතාකරුවන් සිය විරෝධය දක්වා තිබුණි.

මෙම යුද ගැටුම් තවදුරටත් උත්සන්න කරමින් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, පළමු වරට ටෙහෙරානයේ තෙල් ගබඩා ගබඩා සහ පිරිපහදු පහසුකම්වලට පහර දෙමින් අගනුවර පුරා විශාල ගින්නක් ඇති කර තිබේ.

ඉන්ධන ගබඩාවල පිපිරීම්වලින් පසු විෂ සහිත වැසි අවදානමක් ඇති බවට IRCS අනතුරු අඟවා තිබෙන අතර එම පිපිරීම්වලින් පසු වර්ෂාව විෂ සහිත විය හැකි බව පවසමින් IRCS විසින් සිවිල් වැසියන්ට පූර්වාරක්ෂාවන් සලසා ගන්නා ලෙස උපදෙස් දී තිබේ.

එවැනි වර්ෂාවකින් සමට රසායනික පිළිස්සුම් සහ පෙනහළු වලට හානි සිදුවිය හැකි බව එහි සඳහන් වේ.

සමට වර්ෂාව ස්පර්ශ වුවහොත් බලපෑමට ලක් වූ ප්‍රදේශය කිසිදු තත්වයක් යටතේ ඇතිල්ලීම සිදුනොකරන ලෙසත් අඛණ්ඩ සීතල වතුර ධාරාවකින් පමණක් සෝදන ලෙසත් උපදෙස් සපයා ඇත.

වැස්සෙන් තෙමුණු ඇඳුම් වහාම මාරු කර මුද්‍රා තැබූ බෑගයක තබන ලෙසද උපදෙස් දී තිබේ.

මේ අතර ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් බහරේනයේ ජල ලවණ ඉවත් කිරීමේ කම්හලකට ද්‍රව්‍යමය හානි සිදු වූ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top