රඹුක්කන, කුරුණෑගල, පොල්ගහවෙල සිට එන දුම්රිය දහයක් අද (10) සිට ධාවනයට එක් කිරීමට හැකිව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය පවසයි.
මහව සහ ත්‍රිකුණාමලය සිට පැමිණෙන දුම්රිය ධාවන කටයුතු සිදු කරමින් පවතින අතර පුත්තලම් මාර්ගය සකස් කරමින් සිටින බවත් යාපනය සහ උඩරට දුම්රිය මාර්ගය සැකසීම වෙනුවෙන් අධ්‍යයනය සඳහා මාස දෙකක් ගත වෙන බවත් කාලය තීරණය කළ හැක්කේ මාස දෙකකට පසුව බවත් සාමාන්‍යධිකාරීවරයා කියා සිටියි.
සංඥා පද්ධතියේ කටයුතුත් මේ සමඟම සිදු කෙරෙන බවද ඔහු පවසයි.
පසුගිය ආපදා හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ඩොලර් මිලියන 300 පමණ අලාභයක් සිදුව ඇතැයි තක්සේරුවක් පවතින බවයි පත්මප්‍රිය මහතා තවදුරටත් ප්‍රකාශ කරන්නේ.
දැනට තියෙන ගැටලුව වනුයේ නුවර, උඩරට මාර්ගවලට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමේ නොහැකියාව බවද ඔහු කියාසිටියි.
කෙසේවෙතත් දුම්රිය ගමනා ගමනය යථාවත් කිරීමට දැඩි උත්සහයක් ගනිමින් සිටින අතර විශේෂයෙන් උඩරට දුම්රිය මාර්ගය සංචාරක කර්මාන්තයට ඉතාමත් වැදගත් හෙයින් එහි කටයුතු ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද පත්මප්‍රිය මහතා අවධාරණය කරයි.





