/ Dec 06, 2025

අද සිට වැසි අඩුවේ – කැළණි ගඟ අවට පහත්බිම් තවමත් අවදානමේ!

දිට්වා සුළි කුණාටුව ඊයේ (29) පස්වරුවට වන විට යාපනයට කිලෝමීටර් 130ක් උතුරු දෙසින් කේන්ද්‍රගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.

ඒ අනුව පවතින වැසි තත්වයේ අඩු වීමක් අද (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත්, උතුරු, උතුරු- මැද, වයඹ, බස්නාහිර සබරගමුව පළාත්වලත්, ගාල්ල මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වීම අපේක්ෂිතයි.

කෙසේ වෙතත් කැළණි ගඟේ ජලමට්ටම මේ වන විට ඉහළ යෑම හේතුවෙන් ස්ථාන කිහිපයක ජීවත් වන පහත්බිම්වල ජනතාවට වහාම ඉවත් වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව කඩුවෙල, මාලබේ, අතුරුගිරිය, මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගවල පහත් බීම්වල වෙසෙන ජනයාට ඉවත්වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මෙම ජනතාවට මාලබේ ආදර්ශ විද්‍යාලයට හා පිට්ටුගල යශෝදරයා මහා විද්‍යාලය යන ලෙස වැඩිදුරටත් දන්වා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top