/ Jun 25, 2026

රඛිත රාජපක්ෂ,චරිත අබේසිංහ ජූලි 03 දක්වා රිමාන්ඩ්!

හිටපු අධිකරණ ඇමති විජයදාස රාපක්ෂගේ පුත්‍රයා වන නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ජූලි 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් තිදෙනා අද (25) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගැනුණු අතර අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රඳවා ගැනීමේ නියෝගවලින් ඉවත් කර වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1,200 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතුවලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරදෙන බව පවසා සැකකරුවන් රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණවී තිබේ.

අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර,තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වූ බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top